Dec14
බස්නාහිර පලාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා මෛති‍්‍රපාල සිරිසේන පිලට එක් විමට සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
කොඩිකාර මහතාගේ බිරිද වන මහරගම නගරසභා සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියද මෛති‍්‍ර පිලට එක්විමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
හෙළ උරුමයෙන් කරනමක් ගැසූ උදය ගම්මන්පිලට මහින්ද රාජපක්ෂ විසින් බස්නාහිර මහඇමති ධුරය සහ මහරගම සංවිධායක ධුරය ලබාදීමට පොරොන්දු වී ඇත.
උපාලි කොඩිකාර මහතාටද පසුගිය පලාත්සභා මැතිවරණයෙදි බස්නාහිර මහ ඇමති ධුරය ලබා දෙන බවට ජනපතිවරයා පොරොන්දු වී ඇති අතර කොඩිකාර මහතා තම ප්රචාරක කටයුතු සිදු කරමින් පැවසුවේද ජනාධිපතිවරයාගේ සහාය හිමිවන මහ ඇමතිවරයා තමන් බවයි.
මේ සියල්ල පසෙකින් තිබියදී ජනාධිපතිවරයා උදය ගම්මන්පිලට සබාදෙන වරප්‍රසාදවලට විරෝධය පළ කරමින් කොඩිකාර මහතා මෙම තීන්දුව ගෙන තිබේ.
මහරගම නිදහස් පක්ෂ සංවිධායිකාව ලෙස දැනට කටයුතු කරන්නේ කාන්ති කොඩිකාර මහත්මියයි.