Dec30
Rajapaksa Rejiment Bankrupted - Grand Scale Mud Attack to Maithree
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව  මහා පරිමාණයේ මඩ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්  කාර්යාලය සූදානම් වන බව දැන ගැනීමට තිබේ.  විශේෂයෙන්ම  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ජීවිතය හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිත අල්ලා  අභූත පුවත් ‍රැසක් ප්‍රචාරය කිරීමට මේ වන විටත් සූදානම් වෙමින් තිබේ.
ඒ අතරම අවසන් දිනය තුල මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස්වූ බව හැඟවෙන පරිදී  රාජපක්ෂලගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ඇති සිරිසේන නම් තවත් අපේක්ෂක විකටයකු යොදාගෙන  ප්‍රචාරක වැඩ සටහනක් දැනටමත් නිශ්පාදනය කර අවසන් බව දැන ගැනීමට තිබේ.

එමෙන්ම විදෙස්ගත එල්ටීටීඊ ඩයස්පොරාවෙන් මුදල ලබා ගත් කියමින් සිරිසේන මහතාව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ගැනද මේ වන විට තොරතුරු හෙලිව තිබේ. මේ වෙනුවෙන් කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර  සිරිසේන මහතාගේ පුතුගේ පෙම්වතිය යැයි කියන තැනැත්තියගේ පියාගේ මිතුරෙකුගේ නිවසේ තිබී විදෙස් මුදල් තොගයක් සොයා ගත් බවට සිදුවීමක්ද මේ වන විට නිර්මාණය කර තිබේ.

මෙම මඩ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී සිටින්නේ විමල් වීරවංශ බවද හෙලිව ඇති අතර පසුගියදා එජාපයේ හිටපු ලේකම්වරයා ලවා රනිල් - මෛත්‍රී ගිවිසුමක් පිළිබඳ අසත්‍ය තොරතුරු  ප්‍රචාරය කෙරුණේද වීරවංශගේ සැලසුමක් අනුවය. එමෙන්ම ජාතික සංවිධාන එකමුතුව නමින් මැරයන් එවා එජාප මුලස්ථානයට පහර දීමට පිරිස් සූදානම් කර තිබුණේද ඔහු විසින්ය.

මේ අතර මඩ පත්‍රිකා  පොස්ටර් ‍රැසක් මුද්‍රණය වෙමින් තිබෙන අතර තලවතුගොඩ ලීඩ්ස් මුද්‍රණාලයේද මඩ පොස්ටර් ‍රැසක් මුද්‍රනය වෙමින් පවතින බවට මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ දිනයේදී පැමිණිල්ලක් කර තිබිණි. එහෙත් ඊට සක්‍රීය ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.

 ඊට පෙර දින පන්නිපිටියේ සිරිකත මුද්‍රණාලයේ මඩ පත්‍රිකා තගයක් මුද්‍රණය කරමින් තිබියදී හසු වූ අතර මේ වන විට එය සීල් තබා ඇත.

එහෙත් රාජපක්ෂ රෙජීමයේ මැතිවරණ කටයුතු මඩ ප්‍රහාරයන් පමණක්වීම දක්වා පල්ලම් බැස තිබුණද තමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මඩ අවලාද වලින් තොරව පවත්වාගෙන යන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි
 
Like us on Facebook
365 Gossip Lanka Latest
Rajapaksa Rejiment, Bankrupted,Grand Scale,Mud Attack,Maithreepala Sirisena,ප්&zwj, සිරිසේන, මෛත්&zwj, මුද්&zwj, වෙමින්, මැතිවරණ, රීපාල, කටයුතු, සූදානම්, රැසක්, රචාරක, මෛත්&zwj රීපාල, රීපාල සිරිසේන, ප්&zwj රචාරක, &zwj රැසක්, රචාරක කටයුතු, පත්&zwj රිකා, පොස්ටර් &zwj, මුද්&zwj රණය, රැසක් මුද්&zwj, වෙමින් පවතින, සිරිසේන මහතා, දැන ගැනීමට, ගැනීමට තිබේ, සිරිසේන මහතාගේ, ප්&zwj රචාරය, ක්&zwj රියාත්මක, මෛත්&zwj රීපාල සිරිසේන, &zwj රැසක් මුද්&zwj, පොස්ටර් &zwj රැසක්, රීපාල සිරිසේන මහතා, දැන ගැනීමට තිබේ, ප්&zwj රචාරක කටයුතු,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

Rajapaksa Rejiment Bankrupted - Grand Scale Mud Attack to Maithree