Jan05
Election Campaigns should end from today midnight
ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වීමට නියමිතව ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අපේක්ෂකයින්ගේ පෝස්ටර්, බැනර් සහ කට්වුට් හෙට දිනයේ සිට ඉවත් කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

එමෙන්ම දේශපාලන පක්ෂ පිහිටුවා ඇති ප්‍රචාරක කාර්යාල ද හෙට දිනයේ සිට ඉවත් කළ යුතු වෙයි.

මැතිවරණ නීතිය උල්ලංඝණය කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනයේ දී අවසන් මහ රැළි පැවැත්වීමට මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ දී කැස්බෑව නගරයේ පැවැත්වෙන සිය අවසන් ප්‍රධාන රැළියට එක්වීමට නියමිත අතර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැත්වෙන සිය අවසන් මහ රැළියට එක්වනු ඇත.
 
Like us on Facebook
365 Gossip Lanka Latest
ප්&zwj, දිනයේ, අවසන්, රචාරක, සඳහන්, මැතිවරණ, කටයුතු, ප්&zwj රචාරක, අපේක්ෂක මෛත්&zwj, පොදු අපේක්ෂක, මෛත්&zwj රීපාල, රීපාල සිරිසේන, සිය අවසන්, පැවැත්වෙන සිය, සිරිසේන මහතා, රාජපක්ෂ මහතා, ජනාධිපති මහින්ද, සඳහන් කළේය, දෙපාර්තමේන්තුව සඳහන්, මැතිවරණ දෙපාර්තමේන්තුව, හෙට දිනයේ, දිනයේ සිට, ප්&zwj රධාන, සිට ඉවත්, මහින්ද රාජපක්ෂ, මෛත්&zwj රීපාල සිරිසේන, රීපාල සිරිසේන මහතා, අපේක්ෂක මෛත්&zwj රීපාල, පොදු අපේක්ෂක මෛත්&zwj, ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහතා, මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන්,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

Election Campaigns should end from today midnight