Jan13
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන දමින්ද මනොජ් රාජපක්ෂ මහතා මේවන විට රැකියාව කරන්නේ ආනන්ද ක්‍රිශ්නන් නම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සභාපතිත්වය උසුලන මලයාසියාවේ මැක්සිස් සමූහයට අයත් ඇස්ට්‍රෝ (astro) සමාගමේය. එම ආයතනයේ බහුතරයක් කොටස් ඇත්තේ කේපී හෙවත් කුමරන් පද්මනාදන්ටය. ඒ කොටස් ඔහු ලබා ගත්තේ එවකට එල්ල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් එහි මුදල් ආයෝජනය කරමින්ය.
මෙහි මනොජ් රාජපක්ෂ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමින් සිටින අතර ඔහුට ඇමෙරිකාවේ සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට හැකියාව තිබුණද ඔහු මලයාසියාවට පැමිණ ඇත්තේ ඔහුගේ ආරක්ෂාවට හා ගෝඨාභය රාජපක්ෂ සහ කේ.පී අතර තිබෙන හිතවත්කමට වේ. මනෝජ් රාජපක්ෂ ඇමරිකාවේදී සමූහ ඝාතන අවි හා රොකට් තාක්ෂණික උපකරණ නිශ්පාදන සමාගමක සේවය කළේය.
ඉතා ලාබදායි ලෙස ජපන් සමාගමක් මගින් පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වත්මනේ බහුතර කොටස් හිමිකර ගෙන ඇත්තේ ඉහතකී මැක්සිස් ටෙලිකොම් ආයතනයය.මෙම ගනුදෙනුව සිදුකෙරුණු කාලයේදී මෙම සමාගම හා එල්ටීටීඊ සංවිධානය අතර ගනුදෙනුවත් හෙළි වී තිබිණි.
එමෙන්ම මේ වෙනුවෙන් සමාගම් කොටස් විකිණීම සම්බන්ධයෙන් තිබූ 33% නීතිය පවා වෙනස් කෙරුණු අතර කොටස් 47% ක් මෙම සමාගමට පවරණු ලැබීය. එමඟින් එවකට ඊට මැදිහත් වූ දේශපාලකයකුට හා විනිසුරුවරයකුට අතිවිශාල කොමිස් මුදලක් ලැබුණු බවටත් චෝදනාවක් විය.
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ CSN රූපවාහිනි චැනලය ආරම්භ කරද්දී ඊට අවශ්‍ය සියළුම තාක්ෂණිය මෙවලම් මැක්සිස් සමාගම විසින් තිළිණයක් ලෙස ලබා දී තිබිණි.