Jan14
Pope Francis Canonizes Joseph Vaz As Sri Lankas First Saint
ජුසේවාස්‌ පියතුමා සාන්තුවරයට එසවීමේ ඓතිහාසික දේව මෙහෙය අද (14 දා) පෙරවරු 8.30 ට ගාලු මුවදොර පිටියේදී අති උතුම් ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ විසින් පවත්වනු ලැබේ.

ගාලු මුවදොර පිටියේ ඉදිකර ඇති අති දර්ශනීය වේදිකාවේදී මෙම දේව මෙහෙය පැවැත්වේ.
දේව මෙහෙයට පෙර පෙරවරු 7.45 ට පාප් වහන්සේ ගාලු මුවදොර පිටියට සැපත් වේ. ඉන්පසු විවෘත රථයක නැග ගාලු මුවදොර පිටිය වටා සැදැහැවතුන් අතරින් ගමන් කරන ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ අතට කොළඹ නගරාධිපතිවරයා විසින් අගනුවර යතුරු සංකේතාත්මකව පිරිනමයි. ඉන්පසු පෙරවරු 8.30 ට දේව මෙහෙය ආරම්භ වේ.

දේව මෙහෙයේදී වියානි ප්‍රනාන්දු රදගුරු හිමියන් විසින් භාග්‍යවන්ත ජුසේවාස්‌ මුනිඳුන් සාන්තුවරයට එසවීමේ පිළිවෙත සඳහා අවසරය ඉල්ලා සිටි පසුව ගෝව අගරදගුරු හිමියන් විසින් ජුසේවාස්‌ හිමිපාණන්ගේ කෙටි චරිතාපදානයක්‌ ඉදිරිපත් කරනු ලබයි.

දේව මෙහෙය පෙරවරු 10.45 ට පමණ අවසන් වූ පසුව පෙරවරු 11.50 ට උන්වහන්සේ ගුවන් හමුදා හෙළිකොප්ටරයකින් මඩු සිද්ධස්‌ථානය වෙත පිටත් වේ. මඩු දේවස්‌ථානයේදී ජන වන්දනා මෙහෙයක්‌ පවත්වන අතර ඊට පෙර පාප් වහන්සේ විවෘත රියක නැග සැදැහැවතුන් අතරින් ගමන් කරනු ලබයි. සවස 6.00 ට පාප් වහන්සේ යළි කොළඹට පැමිණේ.
 
Like us on Facebook
365 Gossip Lanka Latest
Pope Francis, Canonizes, Joseph Vaz, As Sri Lanka's First Saint,වහන්සේ, මෙහෙය, පෙරවරු, විසින්, මුවදොර, සාන්තුවරයට, එසවීමේ, ප්&zwj, ජුසේවාස්&zwnj, පාප් වහන්සේ, දේව මෙහෙය, ගාලු මුවදොර, සාන්තුවරයට එසවීමේ, හිමියන් විසින්, කරනු ලබයි, අතරින් ගමන්, රැන්සිස්&zwnj පාප්, ප්&zwj රැන්සිස්&zwnj, පියතුමා සාන්තුවරයට, සැදැහැවතුන් අතරින්, සැදැහැවතුන් අතරින් ගමන්, රැන්සිස්&zwnj පාප් වහන්සේ, ප්&zwj රැන්සිස්&zwnj පාප්, පියතුමා සාන්තුවරයට එසවීමේ,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

Pope Francis Canonizes Joseph Vaz As Sri Lanka's First Saint