Apr02
Colombo District Preferential Votes Delayed Due to Negligence of Returning Officer

ප‍්‍රතිඵල සකස් කෙරුණු ශාලාවට අනවසරයෙන් මන්තී‍්‍රවරුන් හා උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු වූ බවට චෝදනා

බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේදී කොළඹ දිස්ති‍්‍රක්කයේ මනාප ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කිරීම ඊයේ (31 දා) අලූයම වනතෙක් තේරීම්භාර නිලධාරියා විසින් ප‍්‍රමාද කිරීම නිසා කොළඹ රාජකීය විද්‍යාල භූමියේ රැස්ව සිටි පිරිස් (කළේ ජිල්මාට්ද ?) කියා අසමින් චෝදනා කළහ.
පෙරේදා පස්වරු පහේ සිට, මනාප ප‍්‍රතිඵල නිකුත් කරන තෙක් ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් විශාල පිරිසක් සහ ඔවුන්ගේ අනුගාමිකයන් රාජකීය විද්‍යාලය වෙත පැමිණ ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් බලා සිටියහ.

මනාප ප‍්‍රතිඵල සකස් කෙරෙමින් තිබුණු ශාලාව තුළට ඇතුළුවීමට අවසර ඇති අපේක්ෂකයන් හා නියෝජිතයන්ට අමතරව, ඇතැම් මන්තී‍්‍රවරු හා උසස් පොලිස් නිලධාරීන් ඇතුළු වී සිටින බවට පිටත සිටි පිරිස් චෝදනා කළහ.

එදින රාතී‍්‍ර 7ට පමණ උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු හිටිහැටියේම එහි පැමිණ මනාප ප‍්‍රතිඵල පිළියෙල කෙරෙමින් තිබූ ශාලාව දෙපස බරඳාවල රැඳී සිටි පිරිස් එළියට එළවා දමා දැඩි ආරක්ෂක රැකවලක් යොදනු ලැබූ අතර, එහි සිටි මාධ්‍යවේදීන් ද එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

මනාප ප‍්‍රතිඵල සඳහා සැසඳුම් සැලසුම් පත‍්‍ර (ටැලිෂීට්) ගණනය කිරීම ඉතා මන්දගාමීව සිදුකිරීම නිසා මනාප ප‍්‍රතිඵල මධ්‍යම රාතී‍්‍රය වන විටත් නිකුත් නොවන බවට ඇතැම් අපේක්ෂකයෝ චෝදනා කළාහ.

කෙසේ වුවද, ඊයේ අලූයම 2.30ට පමණ තේරීම් භාර නිලධාරියා මනාප ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කිරීම ආරම්භ කර, ජයග‍්‍රහණය හිමිකරගෙන සිටින අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද සංඛ්‍යාව පමණක් ප‍්‍රකාශයට පත්කිරීමත්, එම සියලූ ප‍්‍රතිඵල මාධ්‍යයට ප‍්‍රකාශ නොකිරීමත් නිසා පරාජිත අපේක්ෂකයෝ සහ මාධ්‍යවේදීහු බලවත් අපහසුතාවයකට පත්වූහ.

දකුණු පළාත් සභාවේත්, බස්නාහිර පළාත් සභාවේ කළුතර සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලත් සියලූම මනාප ඡන්ද ප‍්‍රථිපල නිකුත් කළ අවස්ථාවේම මාධ්‍යයට නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන් කටයුතු කළද, කොළඹ දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරියා මනාප ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී මාධ්‍යය නොසලකා හැරීම නිසා එම ප‍්‍රතිඵල ජනතාවට එසැණින් දැන ගැනීමට තිබෙන අවස්ථාව අහිමිවිය.

තේරීම්භාර නිලධාරියා ඊයේ අලූයම ප‍්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ, එම ප‍්‍රතිඵල මාධ්‍යයට නිකුත් කිරීමට උත්සාහයක් දැරූවද, මැතිවරණ කොමසාරිස්වරයා විසින් එහි යවා තිබූ නිලධාරියකු විසින් එය වළක්වාලනු ලැබීය.

රාජකීය විද්‍යාලයේ ආරක්ෂාව කොතරම් දැඩි ලෙස යොදා තිබුණාදැයි කිවහොත් මාධ්‍යවේදීන්ට ශරීර කෘත්‍ය ඉටුකර ගැනීමට වැසිකිළිය තිබෙන ප‍්‍රදේශයට පවා යෑම පොලීසියි විසින් වළකාලන ලදී.

කොළඹ දිස්ති‍්‍රක්කයේ සියලූම මනාප ප‍්‍රතිඵල ඊයේ ද (31දා) නිකුත් නොකළ අතර, එම ප‍්‍රතිඵල මාධ්‍යයට ලබාදීමට තේරීම්භාර නිලධාරියා උනන්දුවක් නොදැක්වීම කාගේත් මවිතයට හේතුවී තිබේ.

Source - Maubima (2014/04/01)
 
Like us on Facebook
365 Gossip Lanka Latest
Colombo District, Preferential Votes, Delayed,Negligence,Returning Officer,Royal College,Western Province Election,PC Poll 2014,්&zwj, ප&zwj, රතිඵල, මාධ්&zwj, නිකුත්, තේරීම්භාර, නිලධාරියා, විසින්, දිස්ති&zwj, චෝදනා, නිලධාරීන්, පිරිස්, පොලිස්, විද්&zwj, රාජකීය, අලූයම, පළාත්, රකාශයට, ප&zwj ්&zwj, ්&zwj රතිඵල, මනාප ප&zwj, මනාප ඡන්ද, මාධ්&zwj යයට, ඡන්ද ප&zwj, දිස්ති&zwj ්&zwj, රාජකීය විද්&zwj, රතිඵල නිකුත්, ්&zwj රකාශයට, සිටි පිරිස්, රතිඵල මාධ්&zwj, තේරීම්භාර නිලධාරියා, පොලිස් නිලධාරීන්, උසස් පොලිස්, කොළඹ දිස්ති&zwj, මන්තී&zwj ්&zwj, නිලධාරියා මනාප, සියලූම මනාප, නිකුත් කිරීමට, යයට නිකුත්, භාර නිලධාරියා, රතිඵල සකස්, රාතී&zwj ්&zwj, ්&zwj රක්කයේ, රකාශයට පත්කිරීම, බස්නාහිර පළාත්, චෝදනා කළහ, ඊයේ අලූයම, රතිඵල ප&zwj, තේරීම් භාර, ප&zwj ්&zwj රතිඵල, මනාප ප&zwj ්&zwj, ඡන්ද ප&zwj ්&zwj, මනාප ඡන්ද ප&zwj, උසස් පොලිස් නිලධාරීන්, ප&zwj ්&zwj රකාශයට, ්&zwj රතිඵල මාධ්&zwj, කොළඹ දිස්ති&zwj ්&zwj, ්&zwj රතිඵල නිකුත්, යයට නිකුත් කිරීමට, නිලධාරියා මනාප ඡන්ද, භාර නිලධාරියා මනාප, රතිඵල ප&zwj ්&zwj, ්&zwj රතිඵල සකස්, දිස්ති&zwj ්&zwj රක්කයේ, ්&zwj රතිඵල ප&zwj, ්&zwj රකාශයට පත්කිරීම,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

Colombo District Preferential Votes Delayed Due to Negligence of Returning Officer