Jan27
Story of Colombo District Member of Parliament which Wele Suda (Gampola Vidanage Samantha Kumara) Revealed was a Lie
කුමන්ත්‍රණකාරී දේශපාලන මඩ ව්‍යාපාරයක්දැයි සැකයක් ! 

පාකිස්තානයේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'වෙලේ සුදා' නොහොත් ගම්පොළ විදානගේ සමන් කුමාර විසින් සිදුකළ එකිනෙකට පරස්පර වූ පාපොච්චාරණයන්  විටින් විට ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් හට ගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රීක්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ගිණුමට තමා මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් බැර කළ බවට පොලිසිය හමුවේ පාපොච්ජාරණය කල 'වෙලේ සුදා',  පසුව කට උත්තරයක් දී පවසා ඇත්තේ මන්ත්‍රීවරයාගේ හිටපු  ලේකම්වරයෙකුට ලක්ෂ 3ක් පමණක් ලබා දුන් බවයි. වෙලේ සුදා පෙර ලබා දුන් කට උත්තරයට අනුව කොළඹ දිස්ත්‍රීක්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක්ගේ නමක් කියැවුන බවට ප්‍රකාශ නිකුත්කළ පොලිසිය දැන් ඔහු ලබා දෙන මෙම පරස්පර විරෝධී කටඋත්තරය හේතුවෙන් මෙසේ පොලිස් දෙපාර්තමේන්තුව දැඩි  අර්බුදයකට මුහුණ පා ඇත.

පරීක්ෂණ විධිමත් ලෙස නිම නොකොට හුදෙක් එක් කටඋත්තරයක් පමණක් පදනම් කොට ගෙන පොලිසිය මෙසේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද දැඩි ලෙස උල්ලංඝණය වූ බව පවසන කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් මීට එරෙහිව නීතිමට ක්‍රියා මාර්ග වලට එළැඹීමට අදහස් කරන බවද වාර්ථා වේ.

මෙසේ වෙලේ සුදා විසින් මෙම ජාවාරමට අදාල රේගු නිළධාරීන් හා සැබෑ ජාවාරම් කරුවන්ගේ  නම් සඳහන් නොකොට අදාළ නොවන නම් පරස්පර විරෝධීන ප්‍රකාශ කිරීම පිළිබඳ දැන් පරීක්ෂණ මෙහෙයවන නිළධාරීන්ගේ සැකයට තුඩු දී ඇත. එසේම මෙය හුදෙක් වෛරී දේශපාලන මඩ ව්‍යාපාරයක් බවටත් යම් යම් කරුණු ලැබී ඇති නිසා ඒ ඔස්සේද පරීක්ෂණ මෙහෙයවන බවද ඔවුන් පවසයි.

Wele Suda, Gampola Vidanage Samantha Kumara
 
Like us on Facebook
365 Gossip Lanka Latest
Colombo District , Member of Parliament,Wele Suda Revealed,Lie, Fake Story,Gampola Vidanage Samantha Kumara,පාර්ලිමේන්තු, මන්ත්&zwj, ප්&zwj, පරීක්ෂණ, පොලිසිය, දිස්ත්&zwj, පරස්පර, වෙලේ සුදා, පාර්ලිමේන්තු මන්ත්&zwj, ප්&zwj රකාශ, කොළඹ දිස්ත්&zwj, පරීක්ෂණ මෙහෙයවන, ලබා දුන්, රීක්කයේ පාර්ලිමේන්තු, පොලිස් දෙපාර්තමේන්තුව, දිස්ත්&zwj රීක්කයේ, රීක්කයේ පාර්ලිමේන්තු මන්ත්&zwj, දිස්ත්&zwj රීක්කයේ පාර්ලිමේන්තු, කොළඹ දිස්ත්&zwj රීක්කයේ,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

Story of Colombo District Member of Parliament which Wele Suda (Gampola Vidanage Samantha Kumara) Revealed was a Lie