Apr21
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලබන මස සිදු කිරීමට නියමිත එංගලන්ත සංචාරයට පෙර ඒ සඳහා නම් කරනු ලබන ක්‍රීඩකයන් 21 දෙනා නියත වශයෙන්ම ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කල යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග පවසයි.
එංගලන්ත සංචාරයට සහභාගී වීම හෝ නොවීම නිල වශයෙන් ක්‍රිකට් ආයතනයට දැන්විය යුතු බවත් පවසන ඔහු ක්‍රීඩකයන් සම්පූර්ණ කොන්ත්‍රාත්තුවට අකමැති නම් මෙම සංචාරය සඳහා හෝ කොන්ත්‍රාත්තුවට අත්සන් කල යුතු බව පවසයි.
ජාත්‍යාන්තර ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන තරඟවලින් ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදලින් 20%ක් ක්‍රීඩකයන් විසින් ඉල්ලා සිටින අතර ක්‍රිකට් ආයතනය පවසන්නේ එම කොටසක් ලබා දිය නොහැකි බවයි. කෙසේ වෙතත් ඉකුත් වසරවලට වඩා ක්‍රීඩක කොන්ත්‍රාත්තුව වැඩි කර ඇති බවත් දක්වන දක්ෂතා අනුව තවත් ප්‍රසාද දීමනා ලබා දීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇති බවත් ආයතනය සඳහන් කරයි.
මේ අතර වාර්තා වන්නේ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ක්‍රීඩකයන් අකමැති වුවහොත් නවක ක්‍රීඩකයන්ගේ කණ්ඩායමක් සංචාරයට සහභාගී කරවීමට ආයතනය සැලසුම් කර ඇති බවයි.