Dec08
සෝපානයක් තුළදී සිදුකළ අතවර C.C.TV කැමරාවේ සටහන් වෙලා....
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ සුබෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් තුළදී කොටිපති ව්‍යාපාරිකයකුගේ දියණියකට අතවර කරන ලදැයි කියන සිද්ධියකට සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයුකුගේ පුත්‍රයකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
මෙම තරුණිය දැනට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ශීෂ්යාවක බවත්, අධ්‍යාපනය අතර තුර දී ලැබුණු කෙටි නිවාඩුවකට ඇය ලංකාවට පැමිණ සිටි අතර තුර දී මේ අයුරින් අතවරයට ලක්වී ඇති බවත්, මිරිහාන පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසු අතර, මෙම සැකකරු එම නිවාස සංකීර්ණයේම පදිංචිව සිටින අයකු බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියා.
මෙම තරුණිය සිද්ධිය වූ දින රාත්‍රියේ විදුලි සෝපානයේ නැගී සිටිය දී සැකකරු ද එයට ගොඩවී ඇති බවත්, එහිදී සැකකරු මෙම තරුණියට අතවර කර ඇති බවටත් තොරතුරු හෙළි විණෑයි පොලීසිය කියයි. එමෙන්ම තරුණිය මේ සම්බන්ධයෙන් සිය මවුපියන්ට කළ දැනුම් දීමකට අනුව ඔවුන් මේ ගැන පොලීසියට පැමිණිලි කර තිබිණි.
අදාළ පැමිණිලත් සමගින් සිදුකළ පරීක්ෂණයන්හිදී සැකකරු තරුණියට අතවර කරන අයුරු විදුලි සෝපානයේ සවිකර ඇති සී. සී. ටී. වී කැමරා පද්ධතියේ සටහන් වී ඇතැයි ද පොලීසිය කියයි.