Dec08
වෙන කෙනෙක්ට මාව පැටලිලා වෙන්න ඇති...
කලා ක්ෂේත්රයේ සිටින නිළියන් අතුරෙන් නිරන්තරයෙන්ම විවිධ කරුණු කාරණා හේතුවෙන් කතාබහට ලක්වෙන 'උදාරි වර්ණකුලසූරිය' මීට දින කිහිපයකට උඩදී දෙවැනි වතාවටත් පොලිස් අත්අඩංගුවට පත් වී අකරතැබ්බයකට මුහුණ පෑවා.
හරියටම සඳහන් කලොත් ඒ දෙසැම්බර් 01 වැනිදා රාත්රියේදී ය. මධ්‍යම රාත්‍රිය නික්ම යමින් තිබුණු ඒ අවස්ථාවේ රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ ගුරුගොඩ දී උදාරි විසින් පදවාගෙන ආ මෝටර් රථය යතුරු පැදියක ගැටි තිබුණා. පසුව ඒ අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කරලා. අනතුර සිදුවන විට මෝටර් රථය පදවන් ඇවිත් තියෙන්නේ උදාරි වූ නමුත් ඒ මොහොතේ ඇයත් සමඟ තවත් කෙනෙක් මෝටර් රථයේ ඉඳලා තියෙනවා.
යතුරුපැදිකරුට මෙම අනතුරින් විපතක් මෙන්ම අලාබ හානි සිදු වූ නමුත්, උදාරිට සහ ඈ සමඟ පැමිණි අනෙක් පුද්ගලයාට නම් කිසිදු අනතුරක් වෙලා නෑ.... නමුත් මෙම අනතුරට මුළුමනින්ම වගකිව යුතුව තිබුණේ රිය පැදවූ උදාරි වර්ණකුලසූරිය බැවින් පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා. කෙසේ හෝ පසුව දෙපාර්ශවයේම එකඟතාව මත උදාරි පොලිස් ඇප මත මුදාහැරලා තියෙනවා.
මේ සිද්ධිය කන වැකුණු ගමන්ම එක්තරා මාධ්‍යක් විසින්, මේ ගැන ඇත්ත නැත්ත ඇති සැටියෙන්ම දැනගන්නට සිතා උදාරිව සම්බන්ධ කරගෙන තිබුණා... ඒත් උදාරි එකහෙළාම ඔවුන්ට පවසා සිටියේ එහෙම සිද්ධියක් නොවූ බවයි.
"නෑ... එහෙම දෙයක් වුණේ නෑ.... එහෙ නම් මම මේ හොඳින් ඉන්නේ..."
එතකොට පොලිසිය කියන්නෙ බොරුද?
"ඒක නම් මම දන්නෙ නෑ... සමහර විට වෙන කෙනෙක්ට මාව පැටලිලාද දන්නෙ නෑ...."
උදාරි කියා තිබුණේ ඒ විදියට. ඒත්දැන් මේ අනතුර සිද්ධ වී හමාරයි.... අනතුර සිද්ධ වුණු බවටත්, උදාරි පොලිසියේ ඇප මත මුදාහැරිය බවටත් ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. ඒත් උදාරි ඒ බව සඟවන්න හේතුව නම් දන්නේ ඇයම විතරයි. ඇතැම් විට ඔඩෙල් සොරකමේ දී විභාග වුණු නඩුවට සිදු වූ දෙයක් දැනගන්නට නොලැබුණා සේ මෙයත් රහසක්ව තබාගන්නට උදාරිට සිතෙන්නට ඇති.
නමුත් අත්වැරදීම් ඕනෑ කෙනෙක් අතින් සිදු වෙනවා. ඉතින් උදාරිටත් ඒ විදියේ අත්වැරැද්දක් වෙන්න පුළුවන්නේ... ඒත් එම රිය අනතුර ඔය තරමටම හංගන්න තරම් කාරණයක්ද? කියන එකයි අපිටත් තියෙන ප්රශ්නය.